ස්විඩන් අග්‍රාමාත්‍ය මැග්ඩලීනා ඇන්ඩර්සන් කෝවිඩ් ආසාදිතයෙකු වී ඇති බව වාර්තා වනවා.
ඇය සමග මෙම සතිය තුලදී පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ නියෝජිතයන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී තිබෙන්නේ.
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ස්විඩනයද මේ වන විට දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා.
දෛනිකව එරටින් හදුනා ගැනෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවා ගොස් තිබෙනවා.