fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටුපස මහමොළකරුවෙක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 13:14

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටුපස මහමොළකරුවෙක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයාගත් ජීව අත්බෝම්බය පිළිබඳ සිදුකළ පරික්ෂණයන් සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව අතිඋතුම් මැල්කම්  කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන්  කළා.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් වෙතොත් ඒ පිළිබඳව මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමට පෙර පොලීසිය දැනුවත් කළ යුතු බවයි.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවන්නේ පසුගිය 11 වනදායි. බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එය සොයා ගැණුනා. පොලිස් විශේෂ කාර්ය බළකාය එම ජීව අත්බෝම්බය එදිනම නිෂ්ක්‍රීය කළ අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට පත්වනවා.  ඉන් තුන් දෙනෙකු මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දික පෙරේරා නැමැති සැකකරු සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සබඳතා පවත්වා ඇති බව පරික්ෂණවලදී හෙලි වී ඇති බව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo