fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හෙට ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 12:39

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හෙට  ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හෙට විවෘත කෙරෙනවා.

අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව පාපැදි ධාවන තරග කිහිපයක් අද පෙරවරුවේ පැවැත්වුණා.

අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව විශේෂ ආගමික වතාවත් සිදු කෙරුණා. ජංගම රථයකින්  පිරිත් සඡ්ඣායනා කරමින් කුරුණෑගල සිට මීරිගම දක්වා මහා සංඝරත්නය වැඩම කළා. එමෙන්ම මහා සංඝරත්නය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්වුවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙනුයි ආගමික වතාවත් සිදු කෙරුණේ.

ශ්‍රී ලංකාවට සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති , වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීයි. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරමින්. මේ වන විට අධිවේගී මාර්ග ජාලයක් රට පුරා ක්‍රියාත්මක වනවා. මාර්ග කිහිපයක ඉදිකිරීම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම සියලු මාර්ග ඉදිකර අවසන් වූ පසු රටම එකම මාර්ග ජාලයකට ඇතුළත් වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo