fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි පද්ධතියට ගිගාවොට් පැය 126ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 11:54

බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි පද්ධතියට ගිගාවොට් පැය 126ක්

බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතීය අවසන් කිරීමෙන් පසු ජාතික විදුලි පද්ධතියට ගිගාවොට් පැය 126ක් එක් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පවසනවා. එම ව්‍යාපෘතියේ අවසන් අදියරේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයේ අවසන් ජලවිදුලි බලාගාරය ලෙසයි බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතීය ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා වැය කෙරුණු මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 97 ක්. කැළණි ගගෙහි අතු ගංගාවක් වන කෙහෙල්ගමුව ඔය හරස් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. ඒ කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයේයි. මෙම ප්‍රදේශයේ  ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ද  සැළසුම් කර තිබෙනවා. ඒ යටතේ බලශක්ති කෞතුකාගාරයක් සහ බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2022 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්