fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පාසල් වසාදැමේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2022 14:04

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පාසල් වසාදැමේ

කොරෝනා වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පාසල් වසාදැමීමට හා එන්නත්කරණය වේගවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිට සති තුනක කාලයක් සඳහා නේපාලයේ සියලු පාසල් වසාදැමුණා. එමෙන්ම පුද්ගල ඒකරාශීවීම් ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. ආගමික උත්සව හා දේශපාලන රැළි සඳහා සහභාගිවිය හැක්කේ පුද්ගයින් 25 දෙනෙකුට පමණයි. ඊයේ දිනයේ දී නේපාලයෙන් වයිරස ආසාදිතයින් 1,357 දෙනෙකු හමුවූ අතර සැප්තැම්බර් මාසයට පසු එක්දිනයකදී හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. නේපාලයේ සමස්ත ජනගහණය මිලියන 30 ක් පමණ වන අතර ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 37 %ක් පමණ වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2022 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්