ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සලකා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වන බවට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන්නා. කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී පවතින ශරීරික යොග්යතා ක්‍රමවේදය පිළිබඳ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගත් බවටයි මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම පිළිබඳ නැවත සළකා බලන්නැයි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.