fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාම ගන්නා ජාතික ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2022 18:06

විශ්‍රාම ගන්නා ජාතික ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මින් ඉදිරියට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නවානම් ඒ පිළිබදව මාස 3 කට පෙර තමන් වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊයේ රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව මින් ඉදිරියට යම් ක්‍රීඩකයෙකු ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නේනම් ඒ පිළිබදව මාස 3 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වනවා. ඊට අමතරව විශ්‍රාම ගත් ක්‍රීඩකයෙකු ජාතික තලයේ එල්.පී.එල්. වැනි තරගාවලියන්ට එක්වීමේ දී ඔවුන් දේශීය ක්‍රිකට් තරග සදහා වූ සහභාගීත්වය සියයට 80 ක වත් තිබිය යුතු බවයි ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබෙන්නේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශ්‍රාම ගෙන ජාත්‍යන්තර ලීග් කණ්ඩායමකට එක්වෙනවා නම්, ඒ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2022 18:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo