දනුෂ්ක, කුසල් හා දික්වැල්ලට එරෙහි තරඟ තහනම ඉවතට
Related Articles
තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයින්ගේ තරග තහනම ඉවත් කර ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ තරග තහනම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බවයි.
පසුගිය වසරේ ජූලි මාසයෙන් නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව බුබුල උල්ලංඝනය කිරීමේ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රිඩකයින් තරග තහනමකට ලක්වුණා. අදාළ වරද සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතයේ විනය කමිටුව මෙම ක්‍රිඩකයින් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් නියම කළා. ඊට අමතරව දේශීය තරග සදහා මාස 6ක තරග තහනමක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කළා. කෙසේ වෙතත් පසුගියදා පැවති එල්පී එල් තරගාවලි සදහා එක්වීමට අවස්ථාව හිමිවූ අතර හෙට දිනයේදී පැවැත්වෙන ශරීරයෝග්‍යතා පරික්ෂණය සදහා එක්වීමේ අවස්ථාවද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මොවුන්ට පනවා ඇති දඩුවම පිළිබද නැවත සලකා බලන ලෙස ඉල්ලා ඔවුන් අවස්ථා කිහිපයදීම ඉල්ලීම් කර ඇති අතර අදාළ දඩුවම ලිහිල් කරන්නේද යන්න තවමත් තීරණය කර නැති බවයි ශ්‍රී ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.