සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකි ලෙස පාඨමාලා සකස් කරන බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කරනවා.
මාලඹේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. විශ්වවිද්‍යාලවල ඇතිකරන මෙම වෙනස්කම පාසල්කරා ව්‍යාප්ත කිරීම සියලු දෙනා පිළිගන්නා කාර්යයක් වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 53 ක මුදලක් වෙන්කර තිබෙනවා. උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 35 ක් වෙන්කෙරුණා.
අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මේජර් ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oBhjUwPvvK8″]