නවක වදය සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර හා දෙවන වසර සිසුන් පිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන තිබෙන්නේ. එහිදී නේවාසිකාගාරයකදී කිසියම් බහින්බස් වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.
පළමු වසරේ සිසුන්ට නවක වදය දීමට උත්සාහ කළ අවස්ථාවේ ගැටුම හටගත් බවටයි වාර්තා වන්නේ. එහිදී දෙවැනි වසරේ සිසුන් පළමු වසරේ සිසුන්ට කළ පහරදීමක් හේතුවෙනුයි පළමු වසරේ සිසුවා තුවාල ලබා ඇත්තේ. යාපනය පොලිසිය මේ පිළිබද පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.