fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ සියලුම පාසල් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2022 11:41

දිවයිනේ සියලුම පාසල් ඇරඹෙයි

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද යළි ආරම්භ කෙරුණා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය දෙසැම්බර් 23 වනදා නිවාඩු ලබාදුන් අතර එම පාසල් අද දිනයේ යළි ආරම්භ කෙරුණා. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති උපදෙස්වලට අනුව පාසල් පැවැත්වෙනු ඇති.

මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ඊයේ ප්‍රකාශ කළේ පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නංවන බවයි. කෙසේ වෙතත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින්ගේ ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළේ ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ වනතෙක් තීරණයක් ගෙන නැති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2022 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්