රාජ්‍ය සේවකයන් සියලු දෙනා අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. කෝවිඩ් වසංගතයෙන් පසු රාජ්‍ය සේවකයන් සියලු දෙනා එකවර රාජකාරියට වාර්තා කළ පළමු දිනය අදයි.
රාජ්‍ය සේවය උපරිම ධාරිතාවකින් යුක්තව අද සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා. නව වසර ආරම්භයත් සමඟ අද දින කාර්යාල සේවයට වාර්තා කිරීම සඳහා සියලු දෙනා පැමිණෙන ආකාරය දැකගත හැකි වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
කාර්යාලයීය දුම්රියද අද දිනයේදී කලට වේලාවට පැමිණෙන ආකාරයයි දැකගත හැකි වුණේ. කාර්යාලයීය දුම්රියවලින් රාජකාරි සඳහා විශාල පිරිසක් පැමිණෙන ආකාරයද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් සියලු දෙනා රාජකාරි කටයුතුවලට වාර්තා කළ යුතු වුවද රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී මෙන්ම ආයතන පරිශ්‍ර තුළදී ද නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Suvd5KDINO4″]