මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයින් වැඩි පිරිසක් පැමිණෙන ආකාරය දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
නුවරඑළියේ සුන්දරත්වය විදිමින් දින කීපයක් නවාතැන් ගෙන විවේකීව ගත කිරීමට පැමිණෙන මෙම සංචාරකයින් ග්‍රෙගරි වැව ඇතුළු ස්ථාන කීපයකට වැඩි වශයෙන් ඇදීඑන ආකාරය ද දැකිය හැකියි. ග්‍රෙගරි වැව නැරඹීමට එන සංචාරකයින් වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ රකිමින් බෝට්ටු සවාරි සංවිධාන කිරීමට ග්‍රෙගරි වැව බෝට්ටු සංගමය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් සංචාරකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන ආකාරය ද දැකගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නුවරඑළිය මෙන්ම රටේ ඕනෑම ස්ථානයක සංචාරය කරන පිරිස නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් රැකීම කොරෝනා වසංගතය හමුවේ කළ යුතුම දෙයක් බව අප සිහිපත් කරන්නෙමු.