ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 ක් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව දෙලක්ෂ විසිදහසකට ආසන්නයි.
ඒ සමඟම ප්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියා. එමෙන්ම ඊයේ දිනයේ දී බ්‍රිතාන්‍යයෙන් එක්ලක්ෂ හැට දෙදහසක්ද , ඇමෙරිකාවෙන් එක්ලක්ෂ හැටඑක්දහසක් හා ඉතාලියෙන් එක්ලක්ෂ හතලිස් එක්දහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. එමෙන්ම මේ වනවිට ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 29 කට ආසන්න බවයි ලෝක සඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,457,079ක්.