සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිගයක් නැති බව පිටකොටුව තොග වෙළෙදුන් සහතික වනවා.
වෙළෙද අමාත්‍යවරයා පිටකොටුව තොග වෙළෙද හුවමාරුවේ නිරීක්ෂණ චාරිකාවක නිතර වෙමින් මේ පිළිබද සොයා බැලුවා.
සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් පවතින බවට දින කිහිපයක සිට පැතිර යන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සදහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පිටකොටුව තොග වෙළෙදුන් හමුවී සාකච්ඡා කළා.
අමාත්‍යවරයා මෙසේ ගමන් කරන අතරතුරදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් සහල් හිගයක් පවතින්නේ දැයි විමසා සිටියා.
දැනට පවත්නා භාණ්ඩ තොග හා ඉදිරියේ දී ලැබීමට නියමිත භාණ්ඩ තොග පිළිබද මෙහිදී වෙළෙදුන් අමාත්‍යවරයා දැනුවත් කළා.
හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීම සදහා අවශ්‍ය තොග පවතින බවයි වෙළෙදුන් මෙහිදී කියා සිටියේ.
මේ අතර ඇතැම් ස්ථානවල එළවලු මිලෙහි වැඩිවීමක් පැවතිය ද කොළඹ කොටුව තොග වෙළෙද මධ්‍යස්ථානයේ එළවලු මිලෙහි අඩුවීමක් පවතිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qf3sRBqd2tk”]