ගුවන්හමුදාපති කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා කුසලාන හා සහතික පත් ප්රදානය කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
රට තුළ පැවති කෝවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් රග්බි ක්‍රීඩා තරග වසරක පමණ කාලසීමාවක් නතර වී තිබුණා. රග්බි ක්‍රීඩාව නැවත ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය සංවිධාන කළා.
එහි පළමු හා දෙවන අදියරයන් අගෝස්තු 13 සහ 22 යන දිනවලදි රත්මලාන ගුවන් හමුදා කදවුරු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් සමස්ත ශූරතාව දිනා ගත්තේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමයි. ඔවුන් වෙත කුසලාන හා සහතික පත් ප්රදානය ගුවන් හමුදා මූලස්ථානයේදී අද සිදු කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්වයි.