එළිමහන් සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පොල්ස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස්පති කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව සදුදා, අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රි 10.00 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත් එළිමහන් සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා. ඉරිදා දිනවලදී මධ්‍යමරාත්‍රී 12.30 දක්වා එළිමහන් සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.
එළිමහන් සංගීත සන්දර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වනවා. එහි වගකීම සංගීත සන්දර්ශන සංවිධායකයින් වෙත පවරා ඇති අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතුයි.
සංගීත සන්දර්ශන පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීමට අවසර ලබා දී ඇති බව පොලිස්පති කාර්යාලය සදහන් කළා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංගීත සන්දර්ශන පැවැත්වීම අත්හිටුවා තිබුණා.
ඒ හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සංගීත සන්දර්ශන සංවිධායකයින් ඇතුළු ඊට සම්බන්ධ පිරිස් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ජනාධිපතිතුමා එහිදී සෞඛ්‍ය අංශවලට සහ පොලිසියට උපදෙස් ලබා දුන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සංගීත සන්දර්ශන පැවැත්වීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙසයි.