දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් මේ වනවිට වාර්තා වනවා. ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 529 දෙනෙකු මෙරටින් හදුනා ගත්තා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 583,251 ක්. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයින් 9,252 නෙකු ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී පුද්ගලයින් 278 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,128 ක්. ඊයේ වාර්තා වූ මරණ 19 ද සමගින් සමස්ත මරණ සංඛ්‍යාව 14,871 ක් දක්වා ඉහළ ගියා.
කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ ද සාර්ථකව ක්‍රියාත්මකයි. කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි පනස්නව ලක්ෂ අසූ දෙදහස් දහසයක්. කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි තිස්අට ලක්ෂ විසිනවදහස් එකසිය පහළොවක්. පුද්ගලයින් තිස්තුන් ලක්ෂ හැටහය දහස් නවසිය හතලිස් තුන්දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබාදී තිබෙනවා.