තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නිවාඩු සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 38 ක සැරයන්වරයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි වාර්තා වුණේ. වෙඩි තැබීමෙන් පොලිස් සැරයන් අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඉෂාර ප්රබුද්ධ, පොලිස් කොස්තාපල් අලකරත්නම් නවීන් සහ පොලිස් කොස්තාපල් රියදුරු දිසානායක මුදියන්සේලාගේ තුෂාර යන අය මිය ගියා. ටී56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබ් 19 ක් සමග සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තුන් දෙනෙකු කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබන අයෙකු වන අතර එක් අයෙකු තිරුක්කෝවිල් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.
සහකාර පොලිස් අධිකාරි ඒ ඒ වාහිඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් ඩි එන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙනවා.