සාමය කරුණාම ප්‍රේමය වැනි උත්කෘෂ්ඨ ඉගැන්වීම් තුළින් අනවබෝධය තුරන්කර පාප අන්දකාරයෙන් මිදුනු යහපත් ජීවන රටාවකට මග කිතුදහම පෙන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා.
නත්තල් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.
ජේසුස් ක්‍රිස්තුන් සමිදානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙනදෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවයි ජනාධිපතිතුමාගේ නත්තල් පණිවුඩයේ දැක්වෙන්නේ. මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතිව දිවි ගෙවන සහෝදර සහෝදරියන්ට පිහිටුවීම මගින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙසම එකිනෙකාගේ ජීවිත තුළ අත්දකින්නට සැළැස්වීම ජේසු සමිදානන් බෙහෙවින් පසසන බවද එම පණිවුඩයේ දැක්වෙනවා. සමාජීය වශයෙන් ද නත්තල හා බැදුනු සංස්කෘතිය ඉතා ප්රබෝධජනක වූත් අපූර්වවූත් මිත්‍රශීලී එකක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. නත්තලේ සංස්කෘතිය ජාති ආගම් හෝ වයස් බේදයකින් තොරව සියලු දෙනාගේ මනස තුළ ඉතා අසිරිමත් ලෙස සනිටුහන් වනවා.
පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමයේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව තිබෙනවා. මෙවර නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ සුබ ආරංචිය ශ්‍රී ලංකාවාසී සහ ලෝ වැසි සියලු කිතුනු දනන්ගේ හදවතට සමීපවන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා.