ආබාධ සහිත පුද්ගලයින් පෞද්ගලික අංශයේ රැකියා සදහා බදවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ වුණා.
මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පෞද්ගලික අංශයේ රැකියා සදහා ආබාධ සහිත පුද්ගලයින් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ පැවැත්වුණා.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්මුඛ පරීක්ෂණය සදහා පෞද්ගලික අංශයේ ආයතන 15 ක් එක්ව සිටියා.