සීමා වාසික පත්වීම් ලබා දීම ඇතුලු ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිස්ත්‍රික් පහක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා.
කෙසේ වෙතත් අදාළ පත්වීම් ලබාදීමේ ලේඛනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද අත්සන් තබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරන්නේ.
මන්නාරම, ත්‍රිකුණාමලය,නුවරඑළිය, පොලොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කර තිබෙන්නේ. අද උදෑසන අටට ආරම්භ කළ වැඩ වර්ජනය පැය 24 ක කාලයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. තම ගැටලුවලට අද දිනයේ විසදුම් නොලැබුණහොත් වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
අද පැවැත්වෙන වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.