fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ වී නැහැ – ඇමති විමල්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2021 20:37

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ වී නැහැ – ඇමති විමල්

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩවී නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

කෙරවළපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකා සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කර තිබුණා.

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් ඇමෙරිකා සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ දෙවන දිනටත් සිදු කෙරුණා. මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්‍ෂව අමාත්‍යවරුන් තුන්දෙනා ඉදිරිපත්කර ඇති දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්‍ෂා කිරීමට බැඳී සිටින බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට දිවුරුම්දී සිටින එම අමාත්‍යවරු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළා. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මෙලෙස මාධ්‍යවෙත අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2021 20:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්