ලෝක වෙළඳ සංවිධානයට එක් ව වසර 20ක පමණ කාලයක් තුළ චීනයේ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වී තිබේ. වසර 2001 සිට වසර 2020 දක්වා චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 8 ගුණයකින් වැඩි වූ අතර එය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවටත් පත් වී ඇත. එසේම එක් පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් දහස් 10 ඉක්මවයි.
මේ අතර චීනයේ වෙළඳ ඇනවුම් දසගුණයකින් වැඩි වී ඇති අතර ලොකයේ විශාලතම අපනයන රට මෙන්ම දෙවැනි විශාලතම ආනයන රට වන්නේ ද චීනයයි. ඒ සමඟම චීනයේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ලොව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
මේ දක්වා, 50 කට වැඩි රටවල් හා කලාපවල විශාලතම වෙළඳ හවුල්කරුවා චීනයයි. 120 කට වැඩි රටවල හා කලාපවල ප්‍රමුඛතම වෙළඳ හවුල්කාරි රටවල් තුනෙන් එකක් බවට ද චීනය පත්ව තිබේ. වසර 2006 සිට, අඛණ්ඩ වසර 15 ක් තුළ, ලෝක ආර්ථික වර්ධනයට විශාලතම දායකත්වය ලබා දී ඇති රට චීනයයි. එම සාමාන්‍ය වාර්ෂික දායකත්ව අනුපාතය 30% ඉක්මවයි.
වසංගත අර්බුදයේ දී පවා චීනය ආර්ථිකය ස්ථාවර ලෙස යථාවත් කරමින් සිටී. චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගය බවට ද පත්වෙමින් සිටී. වාර්තාවකට අනුව, 2021 වසරේ ලෝකයේ ආර්ථිකය 5.9% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. ඉන් චීනයේ දායකත්වය 26.3% වනු ඇති අතර ඊට විශාලතම දායකත්වය ලබා දෙන රට බවට චීනය පත් වනු ඇතැයි තක්සේරු කෙරේ.