බලපත්ර නැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා එල්ල වී වැඩ තහනමකට ලක්ව සිටි හිටපු මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම තීන්දුව ලබාදුන්නා. විත්තිකාර තිළිණ ගමගේ මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්රකාශ කළේ. කෙසේ වුවද නඩුවේ සෙසු විත්තකරුවන් නිදහස් නොකිරීමට තින්දු කෙරුණා. එමෙන්ම ඔවුන්ට විත්ති වාචිකය ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරුණා. සකුරා නමැති අලි පැටවා බලපත්ර නොමැතිව සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් තිළිණ ගමගේ මහතා පසුගිය යහපාලන රජය සමයේ වැඩ තහනමකට ලක්වුණා.