ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව නව මීටරයක් නිෂ්පාදනය කර තිබෙනවා. ගෑස් සිලින්ඩරයක නිකුත්වන පීඩනයක ධාරිතාව 4 දශම 2 ත් – 6 ත් අතර තිබිය යුතු වනවා. මෙම නව මීටරය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද දැනුවත් කෙරුණා.
පාරිභෝගික අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් මින් ඉදිරියට වෙළෙදපොලට නිකුත් කරන බවට ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රතිඥා දුන්නා. මේ අතර ගෑස් ආශ්රිත ගිනිගැනීම් හා පිපිරීම් සම්බන්ධව සොයා බැලීම සදහා ජනාධිපතිතුමා පත්කළ කමිටුවේ වාර්තාව අද දිනය තුළ සකසා අවසන් කළ හැකි බව කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසනවා. කෙසේවෙතත් අද දිනයේත් විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වුණා.