මීරිගම ප්රධාන දුම්රිය මාර්ගයේ දී අනතුරක් සිදු වුණා. ඒ කොටුව බලා ධාවනය වූ දුම්රියක ටිපර් රථයක් ගැටීමෙනුයි.
අද අළුයම පහයි හතලිහට පමණ සිදුවූ මෙම අනතුරෙන් ටිපර රථයේ රියදුරු තුවාල ලැබුවා. රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ දුම්රියකයි ටිපර් රථය ගැටී තිබුණේ. කළුගල් කුඩු පුරවා ගත් ටිපර් රථය මීරිගම දිවුලපිටිය ප්රධාන මාර්ගය හරහා තිබෙන දුම්රිය ගේට්ටුව තුළින් ඇතුලු කිරීමේ දී මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් ටිපර් රථය මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය ප්රමාදයක් ද සිදුව ඇති අතර එක් දුම්රිය මාර්ගයක් තවමත් අවහිරව පවතිනවා.