fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2021 13:09

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි

උත්සව සමයේ දී සතොසෙන් පාරිභෝගිකයින්ට ලබාදීමට සූදානම් කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇතැම් ප්‍රදේශවල පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ අතර අවශ්‍ය තරම් තොග ආර්ථික මධ්‍යස්ථානවලට නොලැබීම හේතුවෙන් එළවළු මිලෙහි වැඩිවීමක් පෙන්නුම්කරන බව ව්‍යාපාරිකයින් පවසනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ මාළු මිලෙහි ද වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ජනතාව වෙත ලබා දීම සදහා වූ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව වෙළෙද අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල සතොස අලෙවිසැල්වල සහල් සහ සීනි මිලදී ගැනීමට  නොමැති බවට පාරිභෝගිකයින් මැසිවිලි නගනවා.

මැනිං වෙළෙදපොල වෙත එළවලු මිලදී ගැනීම සදහා පැමිණෙන ව්‍යාපාරිකයින්ගේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. අධික වර්ෂාව සහ රසායනික පොහොර නොමැතිවීම එළවලු හිගයක් ඇති වීමට හේතුව බවයි ගොවීන් කියා සිටින්නේ.

කොළඹ පිටකොටුව පොදු වෙළෙද සංකීර්ණයේ එළවලු මිල ගණන් සම්බන්ධයෙන් ද අප විමසීමක් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2021 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්