සංචාරක ගමනාන්ත නවයක් තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරෙනවා. පළාත් නවයම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.
සීගිරිය , කිලිකුත්තුව , වනාතවිල්ලුව , ගගේවාඩිය , එල්ලාවල ඇල්ල, වවුල්පනේ හුණුගල් ගුහාව , ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත් , පානම ප්‍රජා ගම්මානය සහ මිහින්තලේ සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතිය සහාය ලබා දෙනවා. සීගිරිය සහ යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසර සංචාරක ගමනාන්තය ලෙස ප්‍රවර්ධනයට ද පියවර ගැනෙනවා. කොවිඩ් වසංගතයත් සමඟ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩි ආකර්ශනයක් සිදුව ඇති බවයි සංචාරක අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. මේ සඳහා සහය ලබා දීමට තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදෙසා වන අභ්‍යන්තර ඒකකයක් සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවීමට ද නියමිතයි.