අලුතින් හදුන්වාදුන් කාබනික දියර පොහොර පුපුරායාමේ සිද්ධීන් කීපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.
පොළොන්නරුව ගල්අමුණ ගොවි සංවිධාන මධ්‍යස්ථානයට අයත් ගැමුණුපුර, බෙදුම්ඇළ ගබඩා මධ්‍යස්ථානයේ ගබඩාකර තිබූ දියර පොහොර බහාලුම් ඊයේ රාත්‍රියේ සිට පුපුරා යන බවට ගොවීන් චෝදනා කළා. දේශීය ව්‍යවසායකයින් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොරයි ගොවිජනතාවට මෙලෙස නොමිලේ ලබාදීමට රජය කටයුතු කළේ.
ඇලහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බලප්‍රදේශයට ලබා දී තිබූ කාබනික දියර පොහොර කෑන් බහාලුම් පුපුරායමින් තිබෙන බවට ගොවි ජනතාව චෝදනා කරනවා. දැඩි දුර්ගන්ධයක් ද මෙහි දී හමන බව ඔවුන් පවසනවා. මෙම දියර පොහොර බහාලුම් සිය නිවෙස්වල තබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ගොවීන් පැවසුවා.
මේ අතර අලුතින් හදුන්වා දුන් පොහොර පිපිරීමට භාජනය වන බවට වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යවා ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qKpcCTIJnD0″]