බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් අතර ඊයේ (10) පස්වරුවේ ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූ පිරිස බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ. ගැටුමට හේතුව පිළිබද මෙතෙක් අනාවරණ වී නොමැති අතර බන්ධනාගාර නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.