2021 පොදු රාජ්ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ ශ්රීමාලි සමරකෝන් සමත්වුණා.
කිලෝග්රෑම් 45 බර ඉසිලීමේ තරග ඉසව්වට ඇය එක්වෙමින් මෙම දස්කම දැක්වුවා. ස්නෑෂ් ක්රමයට කිලෝග්රෑම් 58 ක් සහ ක්ලීන් ඇන්ඩ් පර්කි ක්රමයට කිලෝග්රෑම් 78 ක් ද සමගින් සමස්ත බර කිලෝග්රෑම් 136 ක් එසවීමට ඇය සමත්වුණා. පොදු රාජ්ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සහ ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය උස්බෙකිස්ථානයේදී පැවැත්වෙනවා.