කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නතේ මාත්‍රා 03ම ලබා ගැනීම තුළින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකි බව එම සමාගම නිවේදනය කරනවා.
ෆයිසර් එන්නතෙහි මාත්‍රා 2 ක් ලබා ගෙන ඇති සියලු පුද්ගලයින් තෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙසයි ෆයිසර් සමාගම ඉල්ලා සිටින්නේ. එම එන්නතෙහි මාත්‍රා 02 ක් ලබා ගැනීම තුළින් අනෙකුත් ප්‍රෙභ්දයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව පවතිනවා. එහි තෙවන මාත්‍රාව ලබාගැනීම තුළින් ඉහළ ප්‍රතිදේහ ප්‍රතිශතයක් නිපදවෙන බවයි එම සමාගම තවදුරටත් සඳහන් කරන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාම වූ නව එන්නතක් ඉදිරි දින 100 ඇතුළතදී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ෆයිසර් සමාගම පවසන්නේ. මේ වන තෙක් හදුනාගත් වෛරස ප්රභේදයන් අතුරින් සීඝ්රයෙන්ම ව්‍යාප්ත වන ප්‍රභේදය ලෙස ඔමික්‍රෝන් සැළකෙනවා.