දිවයින පුරා විදුලිය බිදවැටීමට හේතුවූ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවී තිබූ දෝෂය පිළිසකර කර ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව අඩාල වී තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
මේ අතර වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතිය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ද තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සදහන් කළා.
අද උදෑසන 11.30ට පමණ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිද වැටුණා. මේ හේතුවෙන් ජනජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මාර්ග රැසක විදුලි සංඥා ද ක්‍රියා විරහිත වූ අතර වාහන තද බදයක් ද එහිදී නිර්මාණය වුණා.
එමෙන්ම දුම්රිය ගමනාගමනයට ද විදුලි බිද වැටීම හේතුවෙන් දැඩි බාධා එල්ලවුණා.
කෙසේ වෙතත් සම්ප්‍රේෂණ පද්ධතියේ බිදවැටීම පිළිසකර කිරීමත් සමග දුම්රිය ගමනාගමනයට අදාළ සියලු කටයුතු යථාතත්ත්වයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් විදුලි බිදවැටීම කඩාකප්පල් කාරී ක්‍රියාවක් බව පවසමින් දිවයිනේ පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි ලැබී තිබෙන බව පොලීසිය නිවේදනය කරනවා. මෙම සිදුවීම සිතා මතා සිදුකල ක්‍රියාවක් බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/SAd2AnAqfGc”]