ප්‍රවීණ රංගන ශිල්පියෙකු කලා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ආචාර්යවරයෙකු වූ සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වුණා.
1959 වසරේ ජුනි මස 20 වනදා උපත ලැබූ සම්පත් තෙන්නකෝන් මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. දයාරත්න රටගෙදරයන්ගේ ගරු ලිසී වේදිකා නාට්‍ය යෙන් රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් ශිල්පියා අඹුසැමියෝ, හිට්ලර්, තලමල පිපිලා, පුත්‍ර සමාගම, අන්දරේලා, ගුරු තරුව ඇතුළු නාට්‍ය රැසකට රංගනයෙන් දායකත්වය දැක්වූවා. කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ආරාධනා චිත්‍රපටයේ කටයුතු කළ සම්පත් තෙන්නකෝන් මහතා අහස් මාලිගා, හිමගිර, ගිනි අවි සහ ගිනිකෙළි, මදුරි, සරෝජා ඇතුළු චිත්‍රපට රැසකට දායකත්වය ලබාදී තිබෙනවා.
ස්වාධීන රූපවානිය ඔස්සේ විකාශය වූ පබා ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක වුණා. සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමිපුරුෂයායි.