මෙරට වෘත්තිය සමිති ක්ෂේත්‍ර යේ කැපී පෙනෙන නායකයෙකු වූ කේ ඒ ඊ බ්‍රිටෝ මහතා අභාවප්‍රාප්ත වුණා.
වෘත්තිය සමිති නායක කේ ඒ ඊ බ්‍රිට්‍රෝ මහතා අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසු වුණා. ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සහ ලංකා ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු දිගු කලක් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ බ්‍රිට්‍රෝ මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ද වනවා.
1947 රජයේ සේවකයන්ගේ වැඩ වර්ජනයට ඔහු ද නායකත්වය ලබා දුන්නා.
අභාවප්‍රාප්ත කේ ඒ ඊ බ්‍රිටෝ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.