රට විවෘත වීමත් සමග උඩවලව ඇත් අතුරුසෙවන නැරඹීමට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දෛනික ආදායම ද ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ව්‍යසනයත් සමග වසා දමා තිබූ උඩවලව ඇත් අතුරු සෙවන සංචාරකයින් සදහා විවෘත කෙරුණා. ඒ සමග එය නැරඹීමට පැමිණෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා. ඒ සමග දෛනික ආදායම ඉහළ ගොස් ඇති අතර ඇත් අතුරු සෙවන නැරඹීමට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි විජිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.