පසුගිය දවස්වල අධික මිල ගණන් යටතේ අලෙවි කෙරුණු එළවළු වර්ග රැසකම මිල ගණන් පහත වැටී ඇති බව අප ඊයේ දිනයේ අනාවරණය කළා. අද දිනයේදීත් ඇතැම් එළවලුවල මිල ගණන් තවදුරටත් පහත වැටී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.
කෙස්වුවත් පසුගිය දිනවල එළවලු මිල ඉහළ යාමට හේතුව රසායනික පොහොර නැති නිසා බවට බොහෝ දෙනෙක් චෝදනා කළා. එහෙත් අද වනවිටත් රසායනික පොහොර ලබා දී නැහැ. එහෙත් එළවළුවල මිල පහත වැටී තිබෙනවා.
එළවලු මිල ඉහළ ගියේ පොහොර නිසා කියල කියන්න පුළුවන්ද?
අද දිනය වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, මැනිං වෙළෙදපොල, තඹුත්තේගම, කැප්පෙටිපොළ යන ආර්ථික මධ්‍යස්ථානවල විශේෂයෙන් උඩරට එළවළුවල කිලෝග්‍රෑමයක මිල පසුගිය දින කිහිපයට වඩා සැලකියයුතු මට්ටමකින් අඩු වීමක් දක්නට ලැබුණා. උඩරට මෙන්ම පහතරට ප්‍ර දේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණ වැඩි වීමත් සමග බොහෝ එළවලු වර්ග කිලෝවක මිල රුපියල් 100 ත් 150ක අතර අගයකින් පහත වැටී තිබෙනවා. පසුගිය සතියේදී කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 400 ත් 500 ත් අතර වටිනාකමක් ගත්තද අද වන විට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර මට්ටමක් දක්වා පහත වැටී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දිනයේ දී ගෝවා කිලෝවක මිල පැවතියේ රුපියල් 150 ත් 170ත් අතර මිලකයි. පසුගිය දිනවලදී ගෝවා කිලෝවක් පැවතියේ රුපියල් 230 ත් 300ත් අතර මිලකයි.
බෝංචි කිලෝවක් අද රුපියල් 100 ත් 150ත් අතර මිලකට අලෙවි වූ අතර පසුගිය දිනවලදී බෝංචි කිලෝවක් රුපියල් 300 – 320 ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණා. ලීක්ස් කිලෝවක් 180ත් 200ත් අතර මිලකට අලෙවි වූ අතර පසුගිය දිනවලදී ලීක්ස් මිලද රුපියල් 420ත් 450ත් අතර පැවතියා. තක්කාලි මිල අද වන විට රුපියල් 180ත් 250ත් අතර මට්ටමක පහත වැටී තිබුණු අතර පසුගිය දිනවලද එම මිල පැවතියේ රුපියල් 300 ත් 330 ත් අතරයි, රාබු මිල රුපියල් 70 ත් 100 ත් අතර මිලකට අඩුවුණා. පසුගිය දිනවලදී රාබුමිල රුපියල් 120 ත් 130ත් අතර මට්ටමක පැවතියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bqK-2bWVMA4″]