fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN මාධ්‍ය ජාලයේ අපේ සහෘදයෙකු සමුගෙන යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 17:32

ITN මාධ්‍ය ජාලයේ අපේ සහෘදයෙකු සමුගෙන යයි

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ සහෘදයෙකු සමුගෙන ගිය පුවත අප ඔබ වෙත ගෙන එන්නේ දැඩි සංවේගයෙන් යුතුවයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අංශයේ ඉදිරිපත් කිරීම් සහකාර එච්. ඩී. ජගත් ප්‍රියදර්ශන මහතා අභාවප්‍රාප්ත වූණා. වසර 18 කට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනියේ සේවය කළ ඔහු මිය යන විට 38 වන වියෙහි පසු වුණා.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ජගත් ප්‍රියදර්ශන හදිසියේ අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයක් හේතුවෙනුයි.  ඔහුගේ දේහය දෙකටන මොරගල අංක 74 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බටුගොඩ නරම්වල සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්