fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති නීතිඥයින් පත් කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 12:11

ජනාධිපති නීතිඥයින් පත් කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපති නීතිඥයින් පත් කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුමත කළ මෙම මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ඉදිරියේදී ජනාධිපති නීතිඥවරයෙකු පත් කිරීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වනවා. මාර්ගෝපදේශ 14 ක් නව ගැසට් පත්‍රයට ඇතුළත්. නව මාර්ගෝපදේශවලට අනුව වසරක් තුළ පත් කළ යුතු උපරිම ජනාධිපති නීතිඥවරුන් සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතු වනවා.

මේ අතර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව් එම් එම් බී වීරසේකර මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්