fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 13:42

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාරයි.

ඉකුත් මහ මැතිවරණයේදී මනාප 46,642ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්