fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 10:58

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට ගමන් ගත් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් එහි ගමන් ගත් සරණාගතයින්  27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඩා ඩිංගි බෝට්ටුවකින් ප්‍රංශය සහ එංගලන්තය අතර වූ කුඩා මුහුදු තීරයක් වන ඉංග්‍රීසි ඕඩරය නමැති කලාපයේ ගමන් ගනිමින් සිටියදී සරණාගතයින් මෙම අනතුරට මුහුණ පා සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි සරණාගතයින් 34 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර කාන්තාවන් පස් දෙනෙකු සහ කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ. දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනිමට හැකිව තිබෙනවා. මෙම අනතුරින් 31 දෙනෙකු මියගිය බවට තොරතුරු අනාවරණය වුවද පසුව එම සංඛ්‍යාව 27 දෙනෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්