fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අදත් වර්ජනයේ – රෝගීන් දැඩි පීඩාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 12:16

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අදත් වර්ජනයේ – රෝගීන් දැඩි පීඩාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනය නිසා අසරණ රෝගීන් රැසක් අපහසුතාවට පත්ව සිටින බව අපට දැකගන්නට ලැබුණා.

ඉල්ලීම් ලබාගන්න අහිංසක තමන් පීඩාවට පත්කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි රෝගීන් පවසන්නේ. වසංගත රෝගී තත්ත්වයක් පවතින මේ අවස්ථාවේදී වැඩවර්ජන සිදු කිරීම පටු අරමුණු උදෙසා ක්‍රියාත්මක වීමක් බව ද ඔවුන් පෙන්වා දෙනවා.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා මහජන පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තිය සමිති 16 ක් වැඩවර්ජනයට එක්ව සිටිනවා. එහෙත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනයට එක්වී නැහැ. වැටුප් සහ දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයට අයත් සේවකයන් ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්ව ඇති ආකාරයයි දක්නට හැකිවුණේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2021 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්