මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, බෝම්බ ඇතුළු ආයුධ රැසක් යාපනය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එල්ටීටීඊ ය යුද සමයේ වළ දමා තිබූ බවට සැක කෙරෙන අවි ආයුධ තොගයකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.
යාපනය කොඩිකාමම් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදීයි මෙම එල්ටීටීඊ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල බෝම්බ ගොඩට ගනු ලැබුවේ. ඒ ඊයේ රාත්රියේදී. ඉඩම් හිමිකරු ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී පොළොව යට වළ දමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී එහි ආයුධ තිබෙනු දැක ඒ බව කොඩිකාමම් පොලීසියට හා 52 වන සේනාංකයේ යුද හමුදා කදවුර වෙත දැනුම් දීමටයි ඔහු පියවර ගෙන ඇත්තේ. ඒ අනුව පොලීසිය සහ යුද හමුදාව එම ස්ථානයට පැමිණ ආයුධ සහිත බැරලය ගොඩට ගැනුණා. යුද සමයේදී එල්ටීටීඊ ය වළ දමා තිබූ ආයුධ බවට විශ්වාස බවට කෙරෙනවා. දිගු කලක් වළ දමා තිබීම හේතුවෙන් ආයුධ දිරාපත්ව තිබූ බවද පොලිසිය පැවසුවා.
මරාගෙන මැරෙන බෝම්බ 7 ක් කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘත්‍රිම බෝම්බ කෑන් 2, අධිබලැති ක්ලේමෝ බෝම්බ 3 ක්, යුද ටැංකි නාශක අධි බලැති පීඩන බෝම්බ 3 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8 ක් සහ පුද්ගල නාශක බෝම්බ 23 ක් ඇතුළු අවි ආයුධ රැසක් මෙලෙස සොයා ගැනුණා.
එම බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය පැවසුවේ.