කිඹුලාඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැළකෙන හෝමාගම පොඩි සම්පත් නැමැත්තා රුපියල් ලක්ෂ පහක මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධකල්ලි නායකයෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැත්තා මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටිනවා. ඔහුගේ ප්‍රධාන ගෝලයා වන හෝමාගම පොඩි සම්පත් කැස්බෑව මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 650 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මොහු කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී තිබෙනවා.
කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කළ මෙහෙයුමකදී හෝමාගම පොඩි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනුණා. මොහු අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයෙකු බවයි පොලීසිය පවසන්නේ.