fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිමුත් එල්ල කළ පහරකදී පන්දුවක් හිසේ වැදීමෙන් කොදෙව් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2021 18:59

දිමුත් එල්ල කළ පහරකදී පන්දුවක් හිසේ වැදීමෙන් කොදෙව් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකාව සහ සාංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකදී පන්දුවක් හිසේ වැදීමෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවක ක්‍රීඩක ජෙරමි සොලොසානා ආබාධයකට ලක්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස්කර ගත්තා. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක ලකුණු 56 ක් සහ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132 ක් රැස්කර ගත්තා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56 යි.

මේ අතර දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකදී පන්දුවක් හිසේ වැදීමෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවක ක්‍රීඩක ජෙරමි සොලොසානා රෝහල් ගත කෙරුණා. පන්දුව හිසේ වදින අවස්ථාවේ දී සොලොසානා පන්දු රකිමින් සිටියේ ශෝට් ලෙග් ස්ථානයේයි. දිමුත් කරුණාරත්න එල්ල කළ පුල් පහරක් සොලොසානාගේ හෙල්මටයේ වැදීමෙන් අනතුර සිදුවුණා. වෛද්‍ය පරීක්ෂණයට ලක්කර ඔහුගේ හිස ස්කෑන් කෙරුණු අතර හිස්කබලට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි වෛද්‍යවරුන් තීරණය කළේ. සොලොසානා රෝහල් ගත කිරීම සඳහා කොළඹට රැගෙනවිත් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2021 18:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්