ටෝකියෝ ඔලිම්පික් සංවිධායක මඩුල්ල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වන සුජීව විජේනායක මහතා වෙත ඔහු අධ්‍යාපනය හැදෑරූ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබුණා.
ආනන්ද විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසළදී සුජීව විජේනායක මහතා පිළිගැනීම සිදු කෙරුණේ විදුහල්පති එස් එම් කීර්තිරත්න සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති බිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ සහභාගීත්වයෙන්. සුජීව විජේනායක මහතා උත්සව ශාලාවවෙත කැදවාගෙන යාම බේස්බොල් පිති යටින් වීම විශේෂත්වයක්. පාසලේ බේස් බෝල් ක්‍රීඩාව දියුණු කිරීම සදහා උපකරණ පරිත්‍යාගයක් ද ඒ මහතා සිදුකළා.
ආනන්ද විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු බහු මාධ්‍ය ඒකකය විවෘත කිරීම ද සුජීව විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම අවස්ථාවට තාක්ෂණික අංශයේ නිර්මාතෘ සහ අංශ ප්‍රධානී කේ ඒ පී සෙනෙවිරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩයේ සාමාජික සාමාජිකාවන්ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OvDKxX9tzlQ”]