මැද පෙරදිග විශාලතම මින්මැදුර, අබුඩාබි නුවර විවෘත කර තිබෙනවා.
මෙම මින් මැදුරේ ජලජ ජීවීන් හතලිස්පන්දහසකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරනු ලබන බවයි පැවසෙන්නේ. විවිධ ජලජ ජීවීන් නැරඹීම සදහා ප්‍රදර්ශන ස්ථාන 60ක් ඉදිකර තිබෙනවා. ලොවපුරා විවිධ සාගර වාසස්ථාන පිළිබිඹු කරමින් කුඩා මින් මැදුරු 10ක් පමණ නිර්මාණය කර තිබෙනවා.
මෙම මින්මැදුර නැරඹීම සදහා පැය දෙකක කාලයක් පමණ ගතවන බවයි පැවසෙන්නේ.