fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති ඩලස් උපන් ගමට යයි (PHOTOS)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2021 19:14

ඇමති ඩලස් උපන් ගමට යයි (PHOTOS)

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා වසර ගණනකට පසු ඔහුගේ උපන් ගම වන රදම්පොල වෙත ගොස් ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය විඳගැනීමට ගොස් තිබෙනවා. ඒ් පිළිබඳ අපූරු ෆේස්බුක් සටහනක් අමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ තබා තිබුණා.

“මගේ ආදරණීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සූන්දරත්වය දශක ගණනාවකට පසූ නැවත ඒ ආකාරයෙන් ම අත්වින්දෙමි. පුන්ච් සන්දියේ අපි අම්මාට රහසිගව පිහිනන්නට පැමිනි එබකන්ද දොළ, මොහොට්ටි අයියා, නිහාල් ඇතුලු කිහිප දෙනකු සමග දොළේ සහ කන්දේ ගලින් ගලට පැනගොස් සේන පොඩි මල්ලි ගේ පැල්කොටය තුල ගත් ආහාර වේල, නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා. නිර්ව්‍යාජ ගැමිකම කොතරම් උත්තමද..? සුන්දර ද..?”

(අමාත්‍යවරයාගේ ෆේස් බුක් පිටුවෙන්)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2021 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්