අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය 76 වෙනි ඡන්ම දිනය සමරනවා.
රටට ණය නැති එහෙත් රටම ණයගැති ජනහදේ ලැගුම්ගත් ජනමූල නායකයාණන් මහින්ද රාජපක්ෂ මැතිදුන් උපතේ වටිනාකම ලොවටම කියා දෙමින් අද 76 වන වියට පා තබනවා. 1945 නොවැම්බර් 18 වෙනිදා ඩී ඒ රාජපක්ෂයන්ට දාව දන්දිනා සමරසිංහ මෑණියන්ගේ කුසින් මෙලොව එළිය දැක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමින් උප්පැන්නේ ලියැවී මහින්ද රාජපක්ෂ නමින් ලොවම මවිත කළ ජනහිතකාමී නායකයෙකුගේ 76 වෙනි ඡන්ම දිනය කියන්නේ නිකම්ම නිකම් උපන් දිනයක් නොවෙයි. රටක යුගයක්. රන් අකුරින් ලියැවෙන යුගයක්. 1970 දී තරුණම මන්ත්‍රීවරයා විදියට පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂයන් ඇමතිකම්, විපක්ෂ නායකකමද , අගමැතිකම විතරක් නෙමෙයි ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ජනාධිපතිවරයාද වුණා. ජනවිප්ලවයට අභීතව නායකත්වය දුන් රාජපක්ෂ මැතිදුන් 2005 දී ජනාධිපති ධූරය භාර ගත්තේ දෙකොණ දැල්වුනු විලක්කුවක් භාර ගන්නවා වගේයි. තම ජීවිතයටත් වැඩිය තම රටට අසීමිත ලෙස ආදරය කරපු මහින්ද රාජපක්ෂයන් කවුරුත් බැහැ කියපු යුද්ධය නැත්තටම නැති කරනවා කියලා රටටම කිව්වේ අභීතව හඬනගමින්.
කියූ දේ එලෙසම කරපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් විනාශ වෙච්ච රට සංවර්ධනය කරා ගෙන ගියේ ලොවක් මවිත කරමින්. සැම විටම ජනතාවට අසීමිත ලෙස ආදරය කරපු මේ ජන නායකයාට ජනතාවද අසීමිත විදියටම ආදරය කළා. දෙවතාවක්ම ජනමනාපයෙන් ජනපති ධූරයට පත් වෙච්ච මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට 2015 ජනවාරි 09 වෙනිදා පරාජයත් සමඟ යළි තම මහ ගෙදරට යන්න සිද්ධ වුණත් මේ නායකයාට අසීමිත ලෙස ආදරය කරපු ජනතාවම නැවත මේ නායකයාවම ඉල්ලා සිටියේ ඒ පෞරෂයේ ඇති වටිනාකම නිසාමයි. මහින්දට දැන් බැහැ කියපු විරුද්ධවාදීන්ට නැහැ මහින්ද කියන්නේ ගතින් විතරක් නෙමෙයි සිතින්වත් වයසට යන්නෙ නැති ශක්තිවන්තයෙක් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු යුග පුරුෂයෙක්. අන්න එ යුග පුරුෂයා අද මේ රටේ අගමැති ධූරයේ සිටම තම 76 වෙනි ජන්ම දිනය සමරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන රට ගැන ලෝකයේ ඕනෑම තැනක කතා කරද්දී මහින්ද රාජපක්ෂ කියන නම කියැවෙනවාමයි. මොකද ශ්‍රී ලංකාවත් මහින්ද රාජපක්ෂ කියන නාමයත් දෙකක් නොව එකක් බවට පත්වෙලා ඉවරයි. මහින්ද රාජපක්ෂ මැතිදුනි, අදටත් වඩා හෙටට ඔබේ ශක්තිය අපට රටට වටිනවා. ඔබතුමන්ගේ ජන්ම දිනය දා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ ඒකායන පැතුම වන්නේ යෝධ බල යෝධ ශක්තියෙන් මේ රටට තව තවත් නායකත්වය දෙන්නට ඔබතුමාට ශක්තියම ලැබේවා යන්නයි. චිරන් ජයතු මහින්ද මැතිදුනි.
[ot-video type=”youtube” url=”https://youtu.be/wmsldagREoo”]